දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසනවා.
යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙම කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර දහම් පාසල් ආශ්රිත ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ.

