රුපියලේ සුළු පහළ යෑමක්

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.04 සිට රු. 298.12 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 305.58 සිට රු. 305.66 දක්වා ඉහළ ගොස් තිබේ.