තීරු බදු ලිහිල් කරගැනීම ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ

තීරු බදු ලිහිල් කරගැනීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ නිලධාරින් අතර ඔන්ලයින් ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

සාකච්ඡාවල ප්‍රගතිය අගෝස්තු පළමුවැනිදාට පෙර ලැබෙනු ඇති බවයි මෙරට නියෝජිත පිරිස සඳහන් කළේ,

තීරු බදු ලිහිල් කරගැනීම සම්බන්ධයෙන් ජනපති සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපතිවරයා අතර තවත් සාකච්ඡාවක් ඊයේ අන්තර්ජාලය හරහා පැවැත්විය.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 30%ක් තීරු බද්දක් අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.

එම තීරු බද්ද අඩු කර ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබෙනවා.