ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා පත්කර තිබෙනවා.

මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා ඔහුව පත් කර තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබුවා.