රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හිස් පුටුව නිශාන්ත ජයවීරට

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා නම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ රජයේ මුදල්  පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවල පුරප්පාඩු ඇති විය.

ඒ අනුව එම පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (03) හී විධි විධාන ප්‍රකාරව ජූලි 24 දින තේරිම් කාරක සභාව විසින් නිශාන්ත ජයවීර මහතා එම කාරක සභාවල සේවය කිරීම පිණිස නම් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනු ලැබුවා.