කොටස් වෙළඳපොල මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගය වාර්තා කිරීමට අද සමත් වුණා.

ඒ අනුව අද දර්ශකය ඒකක 88.47කින් (0.46%) ඉහළ ගොස් 19,467.71ක් ලෙස සටහන් වුණා.

එසේම අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම රුපියල් බිලියන 4.2ක් ලෙසයි දැක්වුනේ.