2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත් වුණා.
පසුව ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සම්මත විය.
2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා මේ වසරේ ජුනි පස්වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

