යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

එසේම එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගැනීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතයි.