ගීතා ගෝපිනාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා විසින් ඊයේ (21) ඒ බව නිවේදනය කර තිබෙනවා.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස එක්වීමේ අරමුණින් ඇය මෙම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ගීතා ගෝපිනාත් මහත්මිය 2019 වසරේ ජනවාරි මාසයේදී ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වී ඇති අතර 2022 වසරේ ජනවාරි මාසයේදී පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස උසස් වීම් ලබා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රථම කාන්තා ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය වන්නේ ද ගෝපිනාත් මහත්මිය වීම විශේෂත්වයක්.