රුසියාවේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයකුත් නිකුත් කරයි

රුසියාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් අද (20) පෙරවරුවේ ප්‍රබල භූ කම්පන තුනක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භූමිකම්පා මාලාවක අපිකේන්ද්‍රය රුසියාවේ කම්චැට්කා කලාපයේ අගනුවර වන පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 140 ක් (සැතපුම් 87) පමණ නැගෙනහිරින් පිහිටා තිබෙනවා.

යුරෝ මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇති පරිදි රික්ටර් මාපකයේ 7.4ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත.

භූ කම්පනය කිලෝමීටර් 20ක් ගැඹුරින් සිදුව ඇති අතර භූකම්පනය මුලින් වාර්තා වී ඇත්තේ 6.7ක් ලෙසය.

භූකම්පනයෙන් පසුව එම ප්‍රදේශ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් වාර්තා වුණු ජිවිත සහ දේපළ හානි ගැන සඳහන් වී නැහැ.