දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 14ක් ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය නිවේදනය කරනවා.

මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

දැනට පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වී ඇති අතර අතුරුදහන් වූවන් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

විනාශයෙන් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ රටේ දකුණු ප්‍රදේශයේ වන අතර, සැන්චියොං හි පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

ගංවතුරෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් හානි වී ඇති අතර සතුන් ද විශාල ලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.