සිරියාවේ සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා විසින් එරට දකුණු සුවයිඩා නගරයට වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඩෲස් සහ බෙඩොයින් කණ්ඩායම් අතර වුණු වෙඩි හුවමාරු වලින් පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගැටුම් අවසන් කිරීම සඳහා සිරියානු අභ්‍යන්තර ආරක්ෂක හමුදා සුවයිඩා වෙත යොදවා තිබියදී මෙම සටන් විරාම නිවේදනය නිකුත් කර තිබෙනවා.
සිදු වූ ගැටුම් වලින් අවම වශයෙන් පුද්ගලයන් 718 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ෂෙයික් හික්මත් අල්-හජ්රි වැනි සමහර ඩෲස් නායකයින් සටන් විරාමයට විරුද්ධ වෙමින් රජයේ ආක්‍රමණශීලී බවට චෝදනා කරමින් සිටිනවා.
එසේම ඊශ්‍රායලය විසින් සිදු කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් ද මෙම සටන් විරාමය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි වාර්තා වෙන්නේ.

