නේපාලය විසින් Telegram පණිවිඩ යැවීමෙ යෙදුම තහනම් කර තිබෙනවා.
Telegram වෙත ප්රවේශ වීම වහාම සීමා කරන ලෙසයි නේපාල විදුලි සංදේශ අධිකාරිය (NTA) නිවේදනයක් නිකුත් කරමින් සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට උපදෙස් දී ඇත්තේ.
අන්තර්ජාල වංචා සහ මුදල් විශුද්ධිකරණය වැනි අපරාධ ක්රියාකාරකම් සඳහා Telegram වැඩි වැඩියෙන් අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙනුයි මෙලෙස මෙම යෙදුම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත්තේ.

