රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.64 සිට රු. 297.68 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 305.11 සිට රු. 305.22 දක්වා ඉහළ ගොස් තිබේ.