ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම තහනම්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආශ්‍රිතව සරුංගල් යැවීම ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම (AASL) විසින් තහනම් කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් AASL අනතුරු ඇඟවූයේ, ඕනෑම ජාත්‍යන්තර ගුවන්තොටුපළක සිට කිලෝමීටර 5 ක අරයක් තුළ අඩි 300 ක් උසින් සරුංගල් හෝ ඕනෑම ගුවන් වස්තුවක් පියාසර කිරීම සපුරා තහනම් බවයි.

ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ආසන්නයේ සරුංගල් පියාසර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.