2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් නැවත එකතු කර ඇති අතර, තරඟ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව LA28 ඔලිම්පික් උළෙලේ පිරිමි සහ කාන්තා T20 ක්‍රිකට් තරඟ ජූලි 12 සිට ජූලි 29 දක්වා පැවැත්වීමට නියමිතයි.
එසේම කාන්තා පදක්කම් තරඟය ජූලි 20 සහ පිරිමි පදක්කම් තරඟය ජූලි 29 වන දිනයන්වලදී පැවැත්වෙනවා.
ඔලිම්පික් වේදිකාවෙට ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන දෙවැනි අවස්ථාව මෙය වන අතර, 1900 පැරිසියේ පැවති ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රිඩාව පළමු වරට ඔලිම්පික් උළෙල සඳහා එක් කර තිබෙනවා.
LA28 ක්‍රිකට් තරඟ සඳහා පිරිමි කාණ්ඩායම් 06ක් හා කාන්තා කණ්ඩායම් 06ක් වශයෙන් තරග වදින බවට තහවුරු කර තිබෙනවා.
එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 15ක් සහ සම්පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකුට කොටස් වෙන් ඇතිබව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
සියලුම තරඟ ලොස් ඇන්ජලීස් නගරයේ සිට කිලෝමීටර 50ක් පමණ දුරින් පිහිටි පොමෝනා ෆෙයාර්ප්ලෙක්ස් හිදී පැවැත්වෙනවා.
කෙසේ වුවද, LA28 සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රමය තවමත් තහවුරු වී නැහැ.
එය ජූලි 17 සිට සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ICC වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

