ඩිජිටල්කරණයට ආධාර සපයන්න සෞදිය එකඟ වෙයි

ප්‍රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ආධාර සැපයීමට සෞදි සංවර්ධන අරමුදල එකඟ වී තිබෙනවා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ඒ. අල්-මර්ෂද් අතර ඊයේ පැවැති හමුවකදී මෙම එකඟත්වය පල කර තිබෙනවා.

සෞදි සංවර්ධන අරමුදලේ ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.