කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී යළිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,838.39 ක් ලෙස සටහන් වුණා.

ඒ ඒකක 297.13ක වර්ධනයක් සනිටුහන් කරමිනුයි.

මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 167.15 කින් ඉහළ ගොස් ඒකක 5,653.65ක් ලෙසින් සටහන් වුණා.

එසේම අද දිනය අවසානයේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 9.49ක් ලෙසින් වාර්තා විය.