ජුනි මාසයේ විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 630 ඉක්මවයි

2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා පේනවා දෙනවා.

මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක වැඩිවීමක් වනවා.

2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් වනවා.

2024 සඳහා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6.57 කි.

මේ අතර නිල දත්තවලට අනුව, වසර තුළ ශ්‍රී ලාංකිකයින් 312,836ක් විදේශ රැකියා සඳහා විදේශගතව  ඇති බව සංඛ්‍යාලේඛනවල සඳහන්ය.