සුරතලයට ඇති කළ සිංහයෙක් කාන්තාවකට සහ ඇයගේ දරුවන්ට පහර දෙයි

නැගෙනහිර ලාහෝර් නගරයේ නිවසක සුරතලය ඇති කළ සිංහයෙක් කුඩුවෙන් නිදහස් වී පලා ගොස් කාන්තාවක් සහ ඇගේ කුඩා දරුවන් තිදෙනෙකුට පහර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිංහයාගේ හිමිකරුව පකිස්තාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

බලපත්‍රයක් නොමැතිව වන සතෙකු තබා ගැනීම සහ නොසැලකිලිමත්කම නිසා සිංහයා පලා යාම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා.

කාන්තාව සහ ඇයගේ වයස අවුරුදු පහේ සහ හතේ පසුවන දරුවන්ගේ අත් සහ මුහුණු තුවාල ලබා ඇති නමුත් දැන් ඔවුන් ස්ථාවර තත්ත්වයේ පසුවන බව රෝහල් බලධාරීන් සඳහන් කරනවා.

එසේම මෙම සිංහයා අල්ලා ගෙන පසුව වනජීවී උද්‍යානයකට ගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුරතල් සතුන් ලෙස සිංහයන්, චීටාවන්, කොටියන්, පූමා සහ ජගුවර් සතුන් පකිස්තානයේ වංශවතුන් විසින් ඇති කරනු ලබන අතර ඒ සඳහා මෙම සතුන් ලියාපදිංචි කිරීමක් කළ යුතු වනවා.

එසේම එහි දී එක් සතෙකුට පකිස්තාන රුපියල් 50,000ක මුදලක් ද ගෙවීමට සිදුවනවා.

කෙසේවෙතත් මෙම සතුන් ඇති කළ හැක්කේ නගර සීමාවෙන් පිටත දී පමණයි.