Sheikh Hasina ට මාස හයක සිර දඬුවමක්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි Sheikh Hasina එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

බංගලාදේශයේ ඇති වූ විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5 වනදා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඩකාහි ඇති ඇගේ නිවස ද අතහැර ඉන්දියාවේ හෙළි නොකළ ස්ථානයකට රට හැර පලා යනු ලැබුවා. 

ඉන් පසුව ඇයට එරෙහිව නඩුවකට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය වනවා.

හසීනාට එරෙහිව නඩු 155 ක් ගොනුකර ඇති අතර එයින් මිනීමැරුම් නඩු 136 ක්, මිනීමැරීමට තැත් කිරීමේ නඩු 8 ක්, පැහැරගැනීමේ නඩු 3 ක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර නඩු 7 ක් ඇයට එරෙහිව ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.