යල කන්නයේ වී මිල දී ගැනීම හෙට සිට

යල කන්නයේ වී මිල දී ගැනීම හෙට සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කරනවා.

එහි දී නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් මිලදී ගනු ලබනවා.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල වී අස්වනු මිලදී ගැනීම පළමු අදියරයේ දී සිදු කිරීමට නියමිතයි.