දින දෙකකට ඩෙංගු බෝ විය හැකි ස්ථාන 10,591ක් සොයා ගනී

ඩෙංගු මර්දන සතියේ පළමු දින දෙක තුළ පමණක් සිදු කළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 10,591ක් සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම දින දෙක තුළ පරිශ්‍ර 48,354 ක් පරීක්ෂා කළ බවයි එහි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.

මේ අතර ඩෙංගු මර්දන සතියේ තුන් වැනි දිනය අද(02) ක්‍රියාත්මක වනවා.