බස් ගාස්තු සංශෝධනය ඉන්ධන මිල සමඟත් ගළපන්න යයි

බස් ගාස්තු පහළ දැමීමට පෙර ලබන මස පළමුවනදා සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය සමග යළි ගැලපීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

බස් ගාස්තු සංශෝධනයට අනුව ලබන පළමුවනදා සිට බස් ගාස්තු සියයට 2.5කින් අඩු කරන බවටයි ගමනාගමන කොමිෂන් සභාව පසුගිය දා නිවේදනය කළේ. 

කෙසේ වෙතත්, එහිදී අවම ගාස්තුවේ පහළ යාමක් සිදුවන්නේ නැහැ.

ඉන්ධන මිල සංශෝධනයෙන් පසු අදාළ බස් ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට බස් සංගම් නියෝජිතයින් විසින් සිදු කළ යෝජනාවකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.