අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.
සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන පරිදි එම චක්‍රලේඛය සකසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එසේම එමඟින් නීතීවිරෝධී හා අයථා ක්‍රම මගින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට තිත තබන බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

