ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය අද සිට ආරම්භ වනවා.
පෙරහැර මංගල්‍ය ලබන මස 10 වනදා දක්වා පැවැත්වෙන අතර, දිය කැපීමේ මංගල්‍ය ඊට පසුදින සිදු කිරීමට නියමිතයි.
මේ අතර පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන පාලන කටයුතු සදහා පොලිස් නිලධාරී 1050 ක පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.
මීට අමතරව පානම සිය යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සදහා ත්‍රිවිද හමුදාවේ සහය ද ලබාදී තිබෙනවා.

