දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද වර්ජනයක

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් පෙරවරු 7 සිට හෙට උදෑසන 07 දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

අතිකාල ගැටලු‍වක් මුල්කරගනිමින් ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් රත්මලාන, දෙමටගොඩ, මරදාන යන දුම්රිය අංගනවල දුම්රිය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු අද දිනයේ සිදු නොවන බවයි දුම්රිය තාක්ෂණ කළමනාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නලීන් දසනායක කියා සිටියේ.