සටන් විරාමය කඩකරමින් ඉරානය ඊශ්‍රායලයට පහර දෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් රාජ්‍ය විසින් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් චෝදනා කරනවා.

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාල සීමාවේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවය.

මේ අතර තවත් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක, ස්ථිර සහ කාලෝචිත ප්‍රතිචාරයක් ලබා දෙන බවයි ඉරාන ආරක්ෂක කවුන්සිලය අනතුරු අඟවන්නේ.