ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට ඇමරිකානු හමුදා පහර දෙයි

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ෆෝර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට අපගේ ඉතා සාර්ථක ප්‍රහාරය අපි අවසන් කර ඇති බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා.

ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන්ට අත්‍යවශ්‍ය වන දුරස්ථ කඳු බෑවුමක සැඟවී ඇති ෆෝර්ඩෝ වෙත “සම්පූර්ණ බෝම්බ තොගයක්” ම හෙලු බවයි ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් කියා සිටියේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල නිලධාරීන් සඳහන් කළේ මෙම ප්‍රහාර සැලසුම් කිරීමේදී ඔවුන් එක්සත් ජනපදය සමඟ පූර්ණ සම්බන්ධීකරණයෙන් සිටි බවයි.