ලබන මස පළමු වනදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලීමක් කර තිබෙනවා.
ඉරාන – ඊශ්රායල යුදමය තත්වය හමුවේ ලෝක වෙළදපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනය කිරීම කර්මාන්තයට අහිතකර ලෙස බලපෑ හැකි බවයි ඔහු කියා සිටින්නේ.
(හිරු news)

