රිය අනතුරු වලින් මාස හයකට 2,000ක් ජීවිතක්ෂයට

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.
 
මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මාර්ග අනතුරු බොහොමයක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එසේම රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. 

“2025 ජනවාරි 1 වනදා සිට 2025 ජූනි 15 වන දා දක්වා මාරක රිය අනතුරු 1,133කින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මේ මාස 6 තුළ ජීවිතක්ෂයට පත්වෙනවා. මේක ලොකු ව්‍යවසනකාරී තත්ත්වයක්. පහුගිය වසර 30 යුද්ධයෙන් මියගියේ 28,000ක් පමණ. මේකේ බරපතළ තත්ත්වයේ තියෙන්නේ උදෑසන නිවසින් රැකී රක්ෂා සඳහා වෙන තම තමන්ගේ රාජකාරීවලට නිවසින් පිටවන ජීවිත 7 – ක් වගේ ප්‍රමාණයක් නිවසට යන්නේ, හවස් වරුවේ මෘත ශරීරයක්.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ජූලි 1 වන දා සිට අනිවාර්යෛන්ම ඉවත් කරන බවය.