අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.75 සිට රු. 296.86 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 304.05 සිට රු. 305.23 දක්වා ඉහළ ගොස් තිබේ.