2009 ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර ගැන විශේෂ දැනුම් දීමක්

2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසනවා. 

පසුගිය දිනෙක ජාතික පුවත්පත් කිහිපයක 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට යන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වුවද ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස්වරයා පවසා සිටියේ.

 කෙසේවෙතත් 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.