කටට රසට කන්න චීස් කට්ලට්

චීස් වගේම කට්ලට් කියන්නේ අපි කවුරුත් කන්න කැමති දේවල් දෙකක් නේ. ඉතින් අද අපි අර ගෙන ආවේ මේ දෙකම එකතු කරලා හදන්න පුළුවන් චීස් කට්ලට් එකක්.

හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ කට්ලට් එක.

එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොටු කපාගත් මොසරැල්ලා චීස්
  • තම්බාගත් අල ගෙඩි 2
  • තම්බාගත් කැරට් අලයක්
  • රස අනුව ලුණු ගම්මිරිස්කුඩු
  • බිත්තර 1
  • පාන්කුඩු ග්‍රෑම් 100

සාදාගන්නා ආකාරය

අල, කැරට්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා පොඩි කරගන්න. මේකෙන් පොඩි බෝලයක් හදන් මැද අතින් හිලක් හදලා චීස් කෑල්ලක් තියලා වහගෙන නැවත බෝලෙ හදාගන්න. හදාගත් බෝල බිත්තර වල දවටගෙන පාන්කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.

දැන් ඔයාගේ රසම රස චීස් කට්ලට් එක ලෑස්තියි.