නිමිති බැලීම අද සමාජයෙන් බොහෝ දුරට අත්වෙලා තියෙන දෙයක්. නමුත් එදා නිමිති බැලීම ජනප්‍රියව තිබිණි.
ජීවිතය ගෙන යෑමේදී හමුවෙන විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට මෙම නිමිති ශාස්ත්‍රය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
යම් දෙයක් දැනගැනීමට කැමැති නම් පහත සඳහන් කොටු 9න් එක් ඉලක්කමක් තෝරාගෙන එහි තිබෙන ප්‍රතිඵලය කුමක්දැයි දැනගත හැක. ඉලක්කම් 9ක් තියෙන නිසා මෙයට නවාංක නිමිත්ත යනුවෙන් හඳුන්වයි. නිමිති ඇල්ලීමට පෙර ඉලක්කම් 9ට අදාළ ප්‍රතිඵල බැලීමෙන් වළකින්න.
මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇත.
1) දවල් 12ට පෙර නිමිත්ත බැලීිමට තෝරා ගන්න.
2) තම ආගම සිහි කරන්න.
3) ඉෂ්ට දෙවියන් සිහි කර සුදු මලක් අතට ගන්න.
4) එක් කරුණක් පමණක් හිතන්න.
5) එම මල අදාළ කොටුවේ අංකයක් මත තියන්න.
6) ප්‍රතිඵලය තමන් විසින් බලන්න.
තමන් මල තැබූ කොටුවේ අංකය අනුව ප්‍රතිඵලය පහතින් බලන්න.
අංක 1- ප්‍රතිඵලය සුබයි. සිතා ගත් බලාපොරොත්තුව ඉෂ්ට වේ. වාසනාව ගෙන දෙයි. සමාජයේ කැපී පෙනෙයි. ගරු නම්බු ලැබේ.
අංක 2- ප්‍රතිඵලය අසුබයි. බලාපොරොත්තු බිඳ වැටෙයි. කරදර අවුල් වියවුල් මතුවේ. ව්‍යාපාර පාඩු ගෙන දෙයි. රෝග සුව නොවේ.
අංක 3 – ප්‍රතිඵලය සුබයි. ජය, ලාභ, සැප සම්පත්, දරු පල ගෙන දෙයි. සතුරු කරදර තිබේ නම් එය ඉවත් වේ.
අංක 4 – ප්‍රතිඵලය අසුබයි. කරදර සහිතයි. යන ගමන් බිමන් අසාර්ථක වේ. රෝගී තත්ත්වයක් මතු කරයි. අසමඟිය මෙන්ම නින්දා අපහාස විඳියි. ශෝකජනක දේවල් මතු කරයි.
අංක 5 – ප්‍රතිඵලය සුබයි. විභාග හා වෙළෙඳ ව්‍යාපාරවලින් ජය ගනියි. නිරෝගී සම්පත් ලැබේ. සතුට උරුම වේ. අධ්‍යාපන කටයුතුවලට හොඳයි.
අංක 6 – ප්‍රතිඵලය අසුබයි. යුග දිවිය අවුල් කරයි. දියුණුවට බාධා කරයි. තමන්ගේ ධනය විනාශ වේ. බලාපොරොත්තු විරහිත වේ. තනතුරු බිඳ වැටෙයි.
අංක 7 – ප්‍රතිඵලය සුබයි. විදේශ ගත වේ. රැකියාවේ දියුණුව ලැබේ. ලොතරැයි වාසනා ගෙන දෙයි. රූප සම්පත් ඇති වේ.
අංක 8 – ප්‍රතිඵලය අසුබයි. සමඟියට බාධා වෙන කරුණු යෙදෙයි. වාහන අනතුරු තිබේ. හිතමිතුරන්ගෙන් කරදර ගෙන දෙයි. විභාග අසමත් වේ. මංගල යෝග බිඳ වැටෙයි.
අංක 9 – ප්‍රතිඵලය අසුබයි. ආරවුල් මත විපත් ගෙන දෙයි. ශෝක, මරණ, පාඩු හා ධන හානි ගෙනෙයි. ඉවසීම අඩුයි. චිත්ත පීඩා මතු කරයි.
නිමිත්ත ඇල්ලීමේදී ගොඩක් කරුණු හිතේ තබාගෙන ඇල්ලීමෙන් නියම ප්‍රතිඵලය නොලැබේ. හඳහනේ පෙන්වන ඉෂ්ට දෙවියන් නිමිත්ත අල්ලන වේලාවට සිහි කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය.

