පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ අහමදාබාද් ගුවන් අනතුරර සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 270 ක් සොයා ගෙන තිබෙනවා.
ලන්ඩන් බලා පිටත් වූ Air India ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු නේවාසික ප්‍රදේශයකට කඩා වැටුණු අතර එහි ගමන් කළ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242 දෙනාගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලන්ම මිය යනු ලැබුවා.
එය BJ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයට කඩා වැටීමෙන් එහි වූ සිසුන් ද ජීවිතක්ෂයට පත් වුණා.
මේ වන විට එම සිරුරු සොයා ගනිමින් සහ ඒවායේ අනන්‍යතාවයන් තහවුරු කිරීම සඳහා DNA සාම්පල ගැලපීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ කණ්ඩායම්වල සහාය ඇතිව ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) අනතුරට හේතුව පිළිබඳ විමර්ශන සිදු කරමින් පවතිනවා.
මේ අතර සිද්ධියෙන් මිය ගිය අය සිහි කරමින් ඉන්දියාවේ සහ එංගලන්තයේ සැමරුම් සිදු කර තිබෙනවා.

