මේ වනවිට ශ්රී ලංකාවට පැමිණ සිටින ඊශ්රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් සිදුකරනවා.
ඒ පවතින යුදමය වාතාවරණයත් සමග ගුවන්තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට යළි නියමිත දිනවලදි ඊශ්රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසයි.
නැවත ඇතුළුවීමේ වීසා කල්ඉකුත් වුවහොත් ඔවුන්ට යළි ඊශ්රායලයට පැමිණීමට නොහැකි බැවින් ඒ පිළිබඳව අද (15) දිනය තුළ තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
නැවත ඇතුළුවීමේ වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඊශ්රායල රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බැවින් මේ වනවිට මෙරටට පැමිණ සිටින සියලු ශ්රී ලාංකිකයින් අද දිනය තුළ අදාළ විස්තර 071 – 844 73 05, 071 – 683 35 13 හෝ 071-974 2095 යන දුරකථන අංක වෙත WhatsApp මාර්ගයෙන් යොමුකරන ලෙස දැනුම් දෙනවා.

