අහමදාබාද්හි එයාර් ඉන්දියා (Air India) ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ කළු පෙට්ටියක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) විසින් පැය 28 ක් ඇතුළත ගුවන් ගමන් දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය සොයා ගත් බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මොහාන් නායිදු කින්ජරපු තහවුරු කරනු ලැබුවා.
මෙම කළු පෙට්ටිය සොයා ගැනීම සිද්ධිය සම්බන්ධ විමර්ශනය ඉදිරියට කර ගෙන යෑම සඳහා ඉතා වැදගත් වන බවයි හෙතෙම කියා සිටියේ.
ගුවන් යානා සාමාන්‍යයෙන් කළු පෙට්ටි දෙකක් රැගෙන යන අතර මේවා විවිධ වූ දත්ත පටිගත කරන කුඩා උපකරණ වනවා.
පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ මෙම ගුවන් අනතුරට හේතුව සොයමින් විමර්ශන මේ වන විට දියත් කර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ කණ්ඩායම් ද එයට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටිනවා.

