ඉරානය ඊශ්‍රායලට ප්‍රතිප්‍රහාර එල්ල කරයි

ඊශ්‍රායලය විසින් අද අලුයම එල්ල කළ ප්‍රහාර වලට පිළිතුරු ලෙස ඉරානය විසින් ඊශ්‍රායලට ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

ඉරාන ඩ්‍රෝන යානා 100ක් පමණ තම භූමිය දෙසට එල්ල කළ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය සාර්ථකව වලක්වා ගැනීමට හැකි වූ බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ.

මේ අතර අවම වශයෙන් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් හය දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාර වලින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ඉරානය සඳහන් කරන්නේ.

ඔවුන්ගෙන් වඩාත් කැපී පෙනෙන පුද්ගලයා වන්නේ ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන ෆෙරෙයිඩූන් අබ්බාසි වනවා.