නිරිතදිග මෝසම හමුවේ මේ මාසය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කරන දමන ලෙසයි.
2025 වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25259ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර, සබරගමුව, නැගෙනහිර හා දකුණු පළාත්වලින්.
එසේම වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 13කි.

