ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතා අතරතුර කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙන් ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් ලොස් ඇන්ජලීස් නගරයේ සමහර ප්‍රදේශවලට මෙලෙස ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු රඳවා තබා ගන්නා බවට ඇය අනතුරු ඇඟවීය. 

පසුගිය සඳුදා රාත්‍රියේ ව්‍යාපාර 23ක් කොල්ලකෑමත් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට නගරාධිපතිවරිය තීරණය කළාය.

මේ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙම විරෝධතා සාමය සහ මහජන සාමයට පහරදීමක් බවත් නගරයට තවත් හමුදා යෙදවීමට ඔහු පියවර ගත් බවත්ය.

කැලිෆෝනියා ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් 2,100 ක් පමණ දැන් ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ සිටින බව BBC වාර්තා කරනවා.