ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වෙනවා.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා එම සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමේ ක්රියාමාර්ගයක් ගැනීමටයි සැලසුම් කර තිබුනේ.
කෙසේ නමුත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් ලැබීම හේතුවෙන් එම වෘත්තීය ක්රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

