ඉන්දියාව ජන සංගණනයකට සූදානම් වෙයි

වසර හයකට පසු ඉන්දියාව ජන සංගණනයකට සූදානම් වන බව වාර්තා වෙනවා. 

මෙය ඉන්දියාවේ දසවන ජන සංගණනය වන අතර එය ලොව විශාලතම ජන සංගණන අතුරින් එකක් ද වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

1948 සංගණන පනත යටතේ මෙම සංගණන කටයුතු සිදු වනවා.

මෙම සංගණනය අඩියට දෙකක් යටතේ සිදු කිරීමට නියමිත අතර එය 2027 වසර වන විට අවසන් කිරීමටයි ඉන්දියාව බලාපොරොත්තු වෙන්නේ.

සුභසාධන යෝජනා ක්‍රම සැලසුම් කිරීම, ෆෙඩරල් අරමුදල් වෙන් කිරීම, මැතිවරණ සීමාවන් ඇඳීම සහ ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා අවශ්‍ය දත්ත සපයා ගැනීමේ අරමුණින් මෙම සංගණනය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මින් පෙර මෙම සංගණනය 2021 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය පවත්වා නොමැති අතර අවසන් වරට ඉන්දියාවේ ජන සංගණනය පවත්වා ඇත්තේ 2011 වසරේදි වනවා.