ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. 

1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 53ක් සපිරෙනවා.

මෙවර එහි තේමාව වන්නේ, ‘ප්ලාස්ටික් මගින් පරිසරයට වන හානිය පරාජය කරමු’ යන්නයි.

ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ අනුව, එම උත්සවය අද උදෑසන 09.30ට ආරම්භ වීමට නියමිතයි.