මේ දිනවල දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තියේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද පෙන්නුම් කරනවා.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමටයි තීරණය කර තිබෙනවා.

