පසුගිය දින කිහිපයේ ඇති වූ වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් වගාවන්ට සිදු වූ හානි තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දකවා රක්ෂණ මුදල් නිදහස් කරන බවයි එම මණ්ඩලය ප්රකාශ කලේ.
එසේම 1918 යන අංකය අමතා ගොවීන්ට තම වගා හානි පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි.

