පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වුණු සභිකයන්ගේ නම් ගැසට් කරයි

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී තේරී පත්වූ සියලු දිස්ත්‍රික්ක වලට අදාළ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම විසින් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ධුර කාලය හෙටින් ආරම්භ වීමට ද නියමිතයි.

ඒ අනුව තමන්ට මෙතෙක් ලැබී ඇති සියලු නම් ගැසට් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, අදාළ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ට හා නාගරික කොමසාරිස්වරුන්ට ඔවුන්ගේ කටයුතු කරගෙන යාම සඳහා මේ අනුව අවස්ථාව සැළසෙන බවයි.

එක් එක් දිස්ත්‍රික්කයට අයත් ගැසට් නිවේදන මෙතනින්