කොළඹ පමණක් ගස් සහ අතු කඩා වැටීම් 35ක්

තද වැසි සහ සුළං හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් සහ අතු කඩා වැටීම්, 35ක් පමණ වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.

එසේම විහාර මහාදේවි උද්‍යානයේ ගස් හා අතු කඩා වැටීම් 10ක් වාර්තා වී ඇත.

මේ අතර අවදානම් සහිත ගස් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 5ක් යොමු කර ඇතැයි, කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.