ශිෂ්‍යත්ව විභාගයේ පළමු වටයේ අභියාචනා ප්‍රතිඵල නිකුත් වෙයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව http://g6application.moe.gov.lk යන දිගුව ඔස්සේ එම ප්‍රතිඵල පරීක්ෂා කරගත හැක.

එසේම අභියාචනා මඟින් පාසල් සඳහා තෝරාගෙන ඇති සිසුන්ගේ ඇතුළත් කිරීම් අදාල පාසලේ විදුහල්පති විසින් සිදු කෙරෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.