දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔහු අද(29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදියි.

වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රන් පැහැ ගැල්වූ ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පසුගිය සිකුරාදා දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.